ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ අරමුණු වෙනුවෙන් වැය කර ඇත්තේ මිලියන 117


E- ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය සදහා 2024  වර්ෂය තුල  රුපියල් මිලියන 1,150ක මුදලක් වෙන්කර තිබුණද  එම මුදලින් ව්‍යාපෘතියේ අරමුණු සදහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන 117ක මුදලක් බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

 මෙකි ව්‍යාපෘතියේ  පළමු අදියර ලෙස  නියමු ව්‍යාපෘතියක් ලෙස  ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ හතරක ක්‍රියාත්මක කොට තිබුණද  නිම කළ ව්‍යාපෘති සම්පුර්ණයෙන් අක්‍රියවි තිබුණි. එමෙන්ම  මෙහි දෙවැනි අදියර ලෙස දිස්ත්‍රික්ක 07ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 95 ක  ආරම්භකර තිබු ව්‍යාපෘති සදහා   2019 වර්ෂයේ සිට 2024  දක්වා කාලය තුල රුපියල් මිලියන 428ක මුදලක් වැයකොට තිබුණි. එහෙත් මෙම ව්‍යාපෘතිය මගින්  අපේක්ෂිත ඉලක්ක කරා ලගාකරගැනිමට  අපොහොසත් වි තිබුණි.

  ග්‍රාම නිලධාරින් විසින් ජනතාවට ලබාදෙන සේවාවන් සදහා  එදිනෙදා අවශ්‍යවන තොරතුරු රැස්කර  තබාගැනිමට සහ  පරිශිලනය  කිරිමට අවශ්‍ය  දත්ත ඇතළත් කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කොට තිබුණි.

 



Recommended Articles